News & Events
Southern Province Department of Social Welfare, Probation and Childcare Services
දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයතන සඳහා බාහිර ගුරුවරුන් බඳවා ගැනීම 2025
දකුණු පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව දකුණු පළාතේ දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ගේ සුබසාධනය සහ රැකවරණය වෙනුවෙන් ක්‍රියාත්මක වෙයි.
අප දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන විහාරමහාදේවී සහතික කල පාසල (කිතුලම්පිටිය), හල්පතොට නිවර්තන නිවාසය (බද්දෙගම) , හික්කඩුව සහතික කල පාසල, පිරිමි රැදවුම් නිවාසය (කිතුලම්පිටිය) යන ළමා රැකවරණ මධ්‍යස්ථානවල දරුවන් සදහා අමතර පන්ති සහ වෘත්තීය විෂයන් වෙනුවෙන් ගුරුවරුන් බදවාගැනීම වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණයක් 2024.12.20 දින කිතුලම්පිටිය පළාත් කාර්යාලයේදී පැවත්වීමට කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව සුදුසුකම් සපිරූ ගුරුවරු සහ වෘත්තීය උපදේශකයන්ගෙන් පහත විෂයන් සඳහා අයදුම්පත් කැදවනු ලැබේ.
අයදුම්පත බාගත කිරීම සඳහා පහත QR කේතය scan කරන්න. නැතිනම් පහත සබැදියට පිවිසෙන්න. Download Application
රාජ්‍ය අංශයේ හොඳම වාර්ෂික වාර්තා හා ගිණුම් සඳහා වන සම්මාන තරගාවලිය
ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරී සංගමය විසින් සංවිධානය කරන ලද, රාජ්‍ය අංශයේ හොඳම වාර්ෂික වාර්තා හා ගිණුම් සඳහා වන සම්මාන තරගාවලියෙන් දකුණු පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සම්මානයෙන් පිදුම් ලැබූ වගයි ❗
"දිරිය අභිමානී 2024"
දකුණු පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මඟින් දකුණු පළාත තුළ සිටින විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවගේ ස්වයංරැකියා නිෂ්පාදන අලෙවි කිරීම සඳහා අවස්ථාව සලසා දීම හා නිෂ්පාදන ගුණාත්මකබව වැඩි දියුණු කිරීම සඳහා දැනුවත් කිරීම අරමුණු කරගෙන සංවිධානය කරන ලද "දිරිය අභිමානී වෙළඳ ප්‍රදර්ශනය, අලෙවි පොළ හා දැනුවත් කිරීමේ වැඩසටහන 2024.11.27 දින ගාල්ල නගර සභා පරිශ්‍රයේ දී උත්කර්ශවත් ලෙස පවත්වනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර බන්දුල හරිශ්චන්ද්‍ර මැතිතුමා, නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යාංශ(පිරිස් හා පුහුණු) දිලේකා කුඩච්චි මැතිණිය, ක්‍රීඩා ...... අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් යූ. ජී. විදුර කාරියවසම් මැතිතුමා, සභා ලේකම් මහේෂ් කරුණානායක මැතිතුමා, ගාලු කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් ඉන්දික සමරකෝන් මැතිතුමා, පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මෙනවිය සහ දකුණු පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් රසිකා යූ.අයි. දිසානායක මහත්මිය ඇතුලු විශාල පිරිසක් සහභාගී විය.
දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර අංශයේ අධ්යක්ෂ ජයසේකර මහතා ප්රමුඛ නිලධාරීන් සම්පත්දායකත්වය සපයන ලදී .
"සහසකර කිරණ 2024"
දකුණු පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් ආයතනගත දරුවන්ගේ කලා හැකියාවන් ඔප්නැංවීම වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ "සහසකර කිරණ 2024" කලා උළෙල 2024/11/26 දින වැලිගම නගර ශාලාවේදී උත්කර්ශවත් ලෙස පවත්වනු ලැබීය.
ඒ අනුව ගායනා, ගද්‍ය/පද්‍ය රචනා, චිත්‍ර , නර්තන , කෙටි නාට්‍ය, යන අංශ ආවරණය පරිදි පැවැත්වූ තරඟවලින් ජයග්‍රහණය කරනු ලැබූ දරුවන් සඳහා සම්මාන , ත්‍යාග සහ සහතිකපත් ප්රදානය කරනු ලැබීය. එසේම 2024 වර්ෂයේ විශේෂ දක්ෂතා දැක් වූ දරුවන් සම්මානවලින් අගයනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර බන්දුල හරිශ්චන්ද්‍ර මැතිතුමා, ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් ක්රිසාන්ත මහේන්ද්‍ර මැතිතුමා, දකුණු පළාත් ක්‍රීඩා, ග්‍රාම සංවර්ධන ... අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් විදුර කාරියවසම් මැතිතුමා, දකුණු පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් රසිකා යූ.අයි. දිසානායක මහත්මිය, රජයේ හා ස්වෙච්ඡා ආයතන ප්‍රධානීන් , ආයතනගත දරුවන් ඇතුලු විශාල පිරිසක් සහභාගී විය.