පුවත් සහ සිදුවීම්
දකුණු පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
දැනුවත් කිරීමේ වැඩසටහන 2023 11 17
2023.11.17 දින වැඩිහිටි හා අබාධිත නිවාස පාලක පාලිකාවන් සඳහා වූ දැනුවත් කිරීමේ වැඩසටහන දික්වැල්ල ග්‍රාම සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්විණ.
දරුවන් ආයතනගත වීම වැළක්වීමේ ශිෂ්‍යධාර වැඩසටහන - 2023
දකුණු පළාත් සමාජ සුබසාධන,පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් දකුණු පළාතේ දරුවන් හට සුරක්ෂිත හෙට දවසක් උදාකරදීම වෙනුවෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලබන අතර දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමත් ,නොමග ගිය හා සමාජ අසාධාරනයන්ට ලක්වූ ළමුන් සඳහා රැකවරනය සපයමින් ඔවුන් සඳහා නිසි මග පෙන්වීම තුළින් විනය ගරුක මානව සමාජයක් බිහිකිරීම දෙපාර්තමේන්තු කාර්යභාරයවේ.
ඒ අනුව දෙපාර්තමේන්තුව යටතේ දරුවන් වෙනුවෙන් සේවාවන් සපයන ආයතන රැසක් ඇත. අනාථ ,අසරණ හා අතහල දරුවන් සඳහා රැඳවුම් නිවාස ස්ථාපිත කර ඇති අතර එම ආයතන සඳහා දරුවන් යොමුකිරීම විවිධ හේතුන් මත සිදුවේ. උසාවි නියෝග මත, භාරකරුවන් නොමැතිව , ආදී විවිධ හේතුන් මත මෙම නිවාස සඳහා දරුවන් යොමුකරන අතර නිසි අධ්‍යාපනයක් ලබා දීමට නොහැකි ආර්ථික අපහසුතාවලින් පෙලෙන පවුල් වල දරුවන් ද මෙසේ නිවාස ගත වන බව අනාවරණය වී ඇත.
ඒ අනුව 2023 වර්ෂය සඳහා අදියර 02ක් වශයෙන් ශිෂ්‍යාධාර ලබාදීම සිදුකරන ලද අතර, ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශිෂ්‍යාධාරලාභීන් 190 ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 60ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 152ක් වශයෙන් ශිෂ්‍යාධාරලාභීන් 402ක් සඳහා ශිෂ්‍යාධාර ලබාදීමට අපේක්ෂිතය. ඒ අනුව එක් ශිෂ්යාධාරලාභියෙක් සඳහා රු. 18,000.00 බැඟින් ශිෂ්‍යාධාරලාභීන් 402ක් සඳහා රු. මිලියන 7.2ක මුදලක් දකුණු පළාතේ ආයතනගත වීමට අවධානමක් ඇති දරුවන්ගේ සුභසිද්ධිය සඳහා ශිෂ්‍යාධාර වශයෙන් ලබාදෙනු ලැබීය.
2023 වර්ෂයට අදාල ශිෂ්‍යාධාර සංකේතාත්මකව බෙදා දීමේ උත්සවය 2023 නොවැම්බර් මස 28 වන දින සවස 2.00 ට දකුණු පළාත් ආණ්ඩුකාරලේකම් කාර්යාලයේදී දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලැබූ අතර, ඒ සඳහා දකුණු පළාත් ක්‍රීඩා,සංස්කෘතිය අමාත්‍යංශයේ ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මැතිතුමා, දකුණු පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් රසිකා යූ අයි දිසානායක මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වීය.
ආයතනගත ළමුන් සඳහා පාසල් විෂයන් සහ වෘත්තීය පුහුණුව වෙනුවෙන් අමතර පන්ති පැවත්වීම 2024
උක්ත කරුණට අදාලව 2024 වසර සඳහා බාහිර ගුරුවරුන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් 2023.12.18 වන දින කිතුලම්පිටිය පළාත් කාර්යාලයේදී පැවත්වීමට නියමිතව ඇත. අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති ගුරුවරුන්ගෙන් ඒ සඳහා අයදුම්පත් කැදවනු ලැබේ. අයදුම්පත ලබාගැනීම සඳහා මෙතන click කරන්න. download
ඒ
කඩින්කඩ පාසල් යන අඩු ආදායම් දරුවන් සඳහා පාසල් උපකරණ ලබාදීම 2023
දකුණු පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය යටතේ දකුණු පළාතේ අඩු ආදායම්ලාභි දෙමව්පියන්ගේ දරුවන්ට පාසල් උපකරණ ලබාදීම සිදුකරනු ලබන අතර 2023 වර්ෂයට අදාලව දකුනු පලාතේ ප්‍රා. ලේ කාර්යාල 50ම නියෝජනය වන පරිදි පාසල් උපකරණ කට්ටල 440ක් ලබාදීම සිදුකරන ලදී.
ලදී.