செய்தி மற்றும் நிகழ்வுகள்
சமூக நலனோம்பல், நன்னடத்தை, சிறுவர் பாதுகாப்பு சேவைகள் தென் மாகாண திணைக்களம்
උපදේශන චිකිත්සක වැඩසටහන
දකුණු පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ උපදේශන සංචිතය විසින් සංවිධානය කරනු ලැබූ එක්දින උපදේශන චිකිත්සක වැඩසටහනක් අද දින (08/02) දින විහාරමහාදේවී සහතික පාසල් පරිශ්‍රයේදී සිදුකරනු ලැබීය.
විහාරමහාදේවී සහතික කල පාසලේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් සහ දරුවන් වෙනුවෙන් මෙම වැඩසටහන අද දවස පුරා විවිධ ක්‍රියාකාරකම් සමගින් ක්‍රියාත්මක කරනු ලැබීය.
කලා උලෙළ සහ ක්‍රීඩා උළෙල
දකුණු පළාත් සමාජ සුබසාධන පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කලා උලෙළ සහ ක්‍රීඩා උළෙල පැවත්වීමට මේ වන විට කටයුතු කරමින් පවතී.
අප දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන රජයේ ළමා රැකවරණ මධ්‍යස්ථානවල සහ අප දෙපාර්තමේන්තුව මගින් අධීක්ෂණය වන ස්වේච්ඡා ළමා රැකවරණ මධ්‍යස්ථාන වල දරුවන්ගේ මානසික සහ කායික අභිවෘද්ධිය වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර, මෙම උත්සවයන් 2024 වර්ෂයේ අගෝස්තු සහ සැප්තැම්බර් මාස වල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.
වෙසක් පොහොය නිමිත්තෙන් පැවත්වූ කඩල දන්සල - 2024
2024 වෙසක් පොහොය හා සමගාමීව දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩල විසින් සංවිධානය කරනු ලැබූ කඩල දන්සල 2024 මැයි මස 22 වන දින සවස 2.00 ට කිතුලම්පිටිය පරිවාස පළාත් කාර්යාල පරිශ්‍රෙය්දී පැවත්වන ලදී.
සීල සමාදාන වැඩසටහන 2024
ආයතනගත දරුවන්ගේ මානසික සුවතාව වෙනුවෙන් සහ වෙසක් පෙහොය නිමිත්තෙන් දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලැබූ සීල සමාදාන වැඩසටහනක් 2024.05.21 දින කොට්ටව නාග ආරණ්‍ය සේනාසන විහාරස්ථානයේදී සාර්ථකව පවත්වන ලදී.